ස්ථානය - මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් සීගිරිය, තැනිතලා භූමියක පැන නගින මීටර් 200ක් පමණ උස කඳුගැටයක් වන අතර 1982දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුනා.
ක්‍රි.ව. 5 වන සියවසේ දී පළමු කාශ්‍යප රජු විසින් සීගිරිය ඉදිකළ අතර එකල ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, කලාව, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ සුවිශේෂි එක්තැන්වීම් නිරූපිත ස්ථානයකි. සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් පුරා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.
සීගිරි ගලේ භූවිද්‍යාත්මක සැකැස්ම - සිසිල්වී අකර්මණ්‍යවූ ඉපැරණි ගිණි කන්දක් මධ්‍යයේ තිබෙන ඝණවූ ලාවා හෙවත් ආග්නේය පාෂාණ වලින් සීගිරි ගල සමන්විත බව භූ විද්‍යාඥයින් පවසනවා. ආග්නේය පාෂාණ හෙවත් මැග්මාමය පාෂාණ ප්‍රධාන පාෂාණ වර්ග තුන අතුරින් එකක් වන අතර මැග්මා හෝ ලාවා සිසිල්වී ඝණිභවනය වීම තුලින් ආග්නේය පාෂාණ බිහිවෙනවා.
ඒ අනුව සීගිරිය අවුරුදු මිලියන ගණනකට පෙර නිවීගිය ගිණි කන්දක් වන අතර කන්ද මැද සිසිල්වූ ආග්නේය පාෂාණ තිබියදේ කන්දේ පස් ඛාදනය වීමෙන් සීගිරි ගලේ නූතන පෙනුම නිර්මාණය වී තිබෙනවා.
සීගිරියේ මුල්ම පදිංචිකරුවන් මධ්‍යම ශිලායුගයේ (Mesolithic) ලාංකික ආදිමානවයින් බව සීගිරි බළකොටුව අවට පුරාවිද්‍යා ස්ථානවලින් සොයාගත් ශිලා ආයුධ, සත්ව අස්ථි ආයුධ හා ශාක හා සත්ව අවශේෂ සාක්ෂි දරනවා.
1වැනි-3වැනි ශතවර්ශ අතර සීගිරිය භික්ෂු ආරණ්‍යයක් බවට පරිවර්තනය වෙමින් තිබූ බව සීගිරිය අවට කටාරම් කෙටූ ගල්ගුහා හා සෙල්ලිපි සාක්ෂි දරනවා. කටාරම් කෙටූ ගල්ගුහා භික්ෂූන්ගේ භාවිතය සඳහා සාංඝික කල බව එම සෙල්ලිපිවල සටහන් වෙනවා.
ක්‍රි.ව. 5 වන සියවසේ දී පළමු කාශ්‍යප රජු විසින් සීගිරිය ඉදිකළ අතර එකල ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, කලාව, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ සුවිශේෂි එක්තැන්වීම් නිරූපිත ස්ථානයකි. සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් පුරා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.
සීගිරිය පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු කරනු ලැබූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට පසුව ආචාර්ය රාජා ද සිල්වා, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර හා ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න පුරා විද්‍යා ගවේෂකයින් සිටිනවා. සීගිරියේ මෙතෙක් කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවදීන් හඳුනාගෙන තිබෙනවා.
ආදි ආරාමික අවදිය හෙවත් ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ සඳහා කටාරම් කෙටූ ගල්ගුහා ආදිය තනාදුන් අවදිය. මේ පිලිබඳව ලියවුනු ක්‍රි.පූ. 3 සහ 2 සිට ක්‍රි.ව. 1 දක්වා අයත් බ්‍රහ්මී සෙල්ලිපි මේ අවධිය පිලිබඳව සාක්ෂි සපයනවා. මෙම යුගය පූර්ව කාශ්‍යප යුගය එනම් ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස කාලය හඳුන්වනවා.
කාශ්‍යප රජු බළකොටුව තැනීම සඳහා සීගිරිය තෝරාගත් කාශ්‍යප යුගයක්‍රි.ව. 477-495 දක්වා වසර 18ක් පැවතුනා. ඉන් පසු එළඹෙන්නේ පශ්චාත් කාශ්‍යප යුගයයි. පශ්චාත් කාශ්‍යප යුගය සීගිරිය අත් හැරීමේ යුගය ලෙසද හඳුන්වනවා. මුගලන් රාජ්‍යය අල්ලා ගැනීමෙන් පසු ඔහු යලිත් සිය පාලනය අනුරාධපුරට ගෙනයනවා.
ඒ අනුවෙ ක්‍රි.ව. 13 -17 අතර කාලයේ සීගිරිය කෙමෙන් කෙමෙන් අතහැරෙමින් කැලෑඅවට ගොදුරුවෙන්නට පටන් ගන්නවා. සීගිරිය යලිත් සොයාගෙන ගවේෂණ හා ප්‍රතිශ්ඨාපනය නූතන පුනරුදය ලෙස හඳුන්වන අතර එය බ්‍රිතාන්‍ය පාලනය තිබූ 1830 කාලයේ ඇරඹී නූතනය දක්වා දිවෙනවා.
සීගිරිය නැවත සොයාගැනීම | Re-discovery of Sigiriya
වධානය මුල්වරට සීගිරිය වෙත යොමු වූයේ 1840 දි ඉංග්‍රීසි ජාතික මේජර් එච්.ෆෝබ්ස් විසින් රචිත Eleven Years in Ceylon නම් ග්‍රන්ථය හේතුවෙනි. එසේම සීගිරිය පිළිබඳ අධ්‍යනය කළ තවත් පුද්ගලයින් ලෙස ඒ.වයි.ඇඩම්ස්, ජේ.බේලි, රීස් ඩේවිස්, මහජන වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්ලෙක් හා මරේ විශේෂයෙන් සඳහන් කල හැකියි.
ඉතිහාසඥයෙක් වූ එමර්සන් ටෙනන්ට් "සිලෝන්"නමින් කෘතියක් පළ කළ අතර එහි සීගිරිය පිළිබඳ ඒ වනවිට හෙලිකරගෙන සිටි තොරතුරු පිලිබඳව සවිස්තර වාර්තාවක් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී බෙල් සීගිරිය පිළිබඳ මුල්ම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම කළ අතර 1894 අප්‍රේල් 15 වන දා සීගිරි ගල මුදුනට නැග කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. එසේ ආරම්භ කළ කටයුතු 1895 සිට 1905 දක්වා සිදුවුන බව පුරා විද්‍යා වාර්තා දක්වනවා.
1930 දි සීගිරියේ කුරුටු ගීත කියවීම ලංකාවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ආරම්භ කරන ලද අතර ඔහු විසින් කුරුටු ගීත 685 ක් කියවන ලදී. 1956 දී එම කුරුටු ගීත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්විය. පසුව මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ අධීක්ෂණයෙන් යුතුව 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සීගිරියේ මංගල උද්‍යානයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.
එම කැණීම් වලින් වාස්තු විද්‍යාත්මක හා වාරි තාක්ෂණයෙන් සුවිශේෂී අංගයන් පෙන්නුම් කරන ක්ෂුද්‍ර ජල උද්‍යානය පාදා ගැනීමට හැකිවිය. එම කාලවකවානුවේ දී සිදු වූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ ආචාර්ය බෙනිල් ප්‍රියංක විසින් පරණවිතානයන් කියවූ කුරුටු ගීත වලට අමතරව කුරුටු ගීත හා කුරුටු ගී කොටස් 800 ක් කියවා අර්ථ ගැන්වීමයි.
සීගිරියේ නිර්මාණය | The design of Sigiriya
සීගිරි නටඹුන් අධ්‍යයනය කිරීමේදී දැනට ආසියාවේ දැකින්නට ඇති පැරණිම බලකොටුවක් බව තහවුරු වෙනවා. ස්වභාවික දුර්ගයක් උපයෝගි කොට ගෙන සීගිරිය නිර්මාණය කර ඇති අතර මෙහි බටහිර හා නැගෙනහිර යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකින් නිර්මාණය වෙනවා. රජමාලිගය ඇතුළු රාජාංගන අංග ඇති අධි ආරක්ෂිත ප්‍රදේශය දිය අගල් හා පවුරු වලින් වටකොට මැනවින් ආරක්ෂාකර තිබෙනවා. සීගිරියේ මාලිගා සංකීර්ණයේ ආරක්ෂාව පිණිස දිය අගළ දෙකක් සහ පවුරු තුනක් ඉදිකර තිබෙන අතර නිරන්තරයෙන් සතුරු ප්‍රහාර බලාපොරොත්තු වූ බව පෙනී යනවා. පිටතින්ම පිහිටි ප්‍රාකාරය මැටිවලින් ද මැද ප්‍රාකාරය ගඩොලින් ද ඇතුළු ප්‍රාකාර ගල්, ගඩොල්, මැටි යනාදියෙන් තනා ඇති බව පෙනී ගොස් තිබෙනවා. ඇතුළු පවුර ඉතා උසින් හා ශක්තිමත් බවින් යුක්ත වූ අතර මැද පවුර පිටත පවුරට වඩා උසින් යුක්තය.
ආරක්ෂාව සඳහා ප්‍රාකාර වලට අමතරව දිය අගල් දෙකකින් නිර්මාණය කල ඇති සීගිරි ආරක්ෂක ඉදිරිකීම් අතර විශේශ තැනක් ගන්නා අතර පිටතින් වූ දිය අගළ ඇතුළු දිය අගළ මෙන් පළලින් තුන් ගුණයයක් වන අතර ඇතුළු දිය අගළ පිට දිය අගළ මෙන් තුන් ගුණයක් ගැඹුරින් යුක්තය. ඒ අනුව විශාලත්වයෙන් වැඩි පිටත දිය අගල තරණය කරන අක්‍රමණිකයින්ට, ඇතුලතින් ඇති වඩාත් ගැඹුරු දිය අගලින් එගොඩවීමේ අභියෝගයද තිබෙනවා.
ප්‍රධාන වශයෙන් බලකොටුවට ඇතුළු වීමට දොරටු තුනක් තිබී ඇති අතර. හැකිළිය හැකි පාලමක් තිබූ බවට උපකළ්පණය කල හැකි බටහිර දොරටුව ප්‍රධාන දොරටුව වූ අතර අනෙක් දොරටු උතුරින් හා දකුණින් පිහිටි, විශාල ලෙස ගඩොලින් නිර්මාණය කල ඒවා විය. මේවායේ ද හැකිළිය හැකි දොරවල් තිබුණු බවට විශ්වාස කළ හැකි සාධක හමුවෙයි. සීගිරියේ පැවති ජනාවාස රටාව අවබෝධ කර ගැනීමට පිදුරංගල, පොතාන, දඹුල්ල, මාපාගල ආදී ස්ථානවලින් සොයා ගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධකත් රොටවැව, ඉබ්බන්කටුව, පන්සල්ගොඩැල්ල ආදී ස්ථාන වලින් සොයා ගත් පූර්ව ඓතිහාසික යුගයේ සාධකත් ඉවහල් වෙනවා.
ආසියාවේ සොයා ගන්නා ලද පැරණිම රජ මාලිගා ගොඩනැගිලි අතර සීගිරියේ පර්වත මුදුනේ ඇති රජමාලිගා ගොඩනැගිල්ලේ පදනම සුවිශේෂි ස්ථානයක් හිමිකර හිමිකර ගන්නවා. එමෙන්ම ලොව පැරණිම උද්‍යානයක් ලෙස සීගිරි රාජ්‍ය උද්‍යානයද සැලකිය හැකිවනවා.
සීගිරියේ දක්නට ලැබෙන රාජකීය උද්‍යානය ලෝකයේ වෙනත් තැනක පෙනෙන්නට නොමැති විශේෂංගවලින් හෙබි උද්‍යානයක් බව පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් පෙනී යනවා. රජමාලිගාවක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ මේ උද්‍යානය තුළ දැනට දෘෂ්‍යමාන වන්නේ බටහිර අංගනය පුරා විසිරී ගිය නටඹුන්. එහෙත් එම උද්‍යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවක් නොපෙනෙන බැවින්, එහි අතීතයේ තිබූ උද්‍යානයේ වගතුග කෙසේ වී දැයි සිතාගැනීමට තරම් හැකියාවක් ගවිශකයින්ට තිබෙනවා.
ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ වාස්තු විද්‍යාත්මක දැනුම කොතරම් ද යන්න මනාව පිළිබිඹු කරන මෙහි පොකුණු, මණ්ඩප, ගුහා සහ මල්වතු ආදියෙන් ද, චීනයේ ඇති මළුපෙත් උද්‍යාන ලක්ෂණයන්ගෙන් ද අලංකාරවත් වී තිබේ යන්න සඳහන් කරයි. එමෙන්ම පරණවිතානයන් මේ උද්‍යානය ප්‍රමද වනයක් ලෙස හඳුවනු ලබන අතර ප්‍රමද වනයක් යනු බොහෝ විට විනෝද උයන් හැඳින්වීමට යොදාගත් පදයකි.
සීගිරි උද්‍යානය ගැන තව දුරටත් විස්තර කරන්නේනම්, උද්‍යානය කොටස් කිහිපයකට බෙදෙන බව පෙනී ගොස් තිබෙනවා. ඒවා ජල උද්‍යානය, ශිලා උද්‍යානය, මාලක උද්‍යානය සහ ගල උඩ උද්‍යානය ලෙස නම් කර තිබෙනවා. එසේම ජල උද්‍යානය නැවත ක්ෂුද්‍ර ජල උද්‍යානය සහ වතුර මල් උද්‍යානය ලෙස බෙදා තිබෙනවා. මෙම උද්‍යානයේ තිබෙන සුවිශේෂි ලක්ෂණයක් වන්නේ ජ්‍යාමිතිකානුකූල ව සමමිතිකව කොටස් දෙකකට බෙදී තිබීමයි. බටහිර ද්වාරයෙන් ඇතුළු වූ විට ප්‍රථමයෙන් ජල උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. ක්ෂුද්‍ර ජල උද්‍යානයේ තැනින් තැන මණ්ඩප වටා රවුම් ගල් සහ ස්පටික හුණු ගල් යොදා නිර්මාණය කොට තිබීම මෙහි ඇති විශේෂත්වයක්. කාශ්‍යප රජ සමයේ මේ උද්‍යානය ඉතාම්ත් සුන්දර මෙන්ම විශ්මිත උද්‍යානයක් ව තිබෙන්නට ඇති බවට කිසිම සැකයක් නෑ.
එමෙන්ම හුණුගල් වලින් නිර්මිත භූගත නල දෙකක් වර්තමානයේ ද වැසි දිනවල ක්‍රියාත්මක වන බව දක්නට ලැබෙනවා.ඉහළ මාලයේ සිට එන ජලය මෙම නල තුළින් ගමන් කරන අතර එම නල මාර්ග හුණුගල් පුවරු වලින් ආවරණය කර තිබෙනවා. මාලක උද්‍යානයේ දක්නට ලැබෙන සුවිශේෂි වාස්තු විද්‍යාත්මක නිර්මාණය වන්නේ දෙපා පමණක් ඉතිරිව ඇති සිංහයෙකුගේ ප්‍රතිමාවයි. මහාවංශයේ මෙම සිංහ රුව පිළිබඳව විස්තරයක් තිබෙනවා
REFERENCES