දිවයින On Line Edition විශේෂාංග - Source
යම් දිනක මෙම ස්‌ථානය නැරඹීමට අදහස් කරන්නේ නම් අඩුම වශයෙන් මෙම ස්‌ථානයේ ඔබ උදය 10.00 වන විටවත් සිටියොත් එය හොඳම වෙලාව වන අතර ඒ සඳහා ඔබ කොස්‌ලන්දේ පිහිටි එකම හෝටලයේ නැවතීමෙන් හෝ හපුතලේ නවාතැන් ගෙන උදෑසනින්ම බෙරගල හරහා කොස්‌ලන්දට පැමිණි විට ඔබේම වාහනයකින් හෝ කොස්‌ලන්ද සිට බණ්‌ඩාරවෙල බළා යන ලංගම බසයේ නැග හෝ කි. මීටර 41/2 ක් වැනි කෙටි දුර ප්‍රමාණයක් ගෙවා මෙම ස්‌ථානයට පහසුවෙන්ම ළඟා විය හැක.
බුත්තල ඔස්‌සේ වැල්ලවායට පැමිණි අපේ අරමුණ වූයේ දියලුම ඇල්ල නැරඹීමයි. සිත්සේ ඇල්ල නැරඹූ අප සිත් තුළ පැමිණි අදහස වූයේ දියලුම ඇල්ල මුදුනත කවරාකාරවේදැයි දැක ගැනීමේ ආශාවයි. ඇල්ල මුදුනත පිහිටීම දැක ගැනීමේ අරමුනින් සවස 2.00 ට පමණ අපි ගමන් ඇරඹීමු.
ඒ සඳහා පළමුව යා යුත්තේ කොස්‌ලන්දටය. දියලුම මුදුනත පිහිටා ඇත්තේ කොස්‌ලන්ද සිට පූනාගල හරහා බණ්‌ඩාරවෙල දක්‌වා වැටී ඇති පටු හා දුෂ්කර මාර්ගයක් ඔස්‌සේය. කොස්‌ලන්ද තැපැල් ස්‌ථානාධිපතිතුමා කීවේ අප යැමට බලාපොරොත්තු වන ස්‌ථානය සවස 5.00 පසුවන විට වල් අලි රජ දහනක් වන බවය. ඒ නිසා මුදුනත නරඹා ඉතා ඉක්‌මණින් පහළට ආ යුතු බව අපි දැන සිටියෙමු.
මෙය කියවන ඔබද මතු යම් දිනක මෙහි ඒමට අදහස් කරන්නේ නම් වන අලි පිළිබඳ මනා කල්පනාවෙන් යුතුව ඔබගේ ගමන සැළසුම් කළ යුතු බව හොඳින් සිහි තබාගත යුතුය. එසේම මෙම ස්‌ථානයට පැමිණෙන වන අලි තිදෙනකුගෙන් යුතු කණ්‌ඩායමේ එක් අලියෙක් නිතරම කළහකාරීහු ලෙස හැසිරෙන නිසා ඔබ ප්‍රවේශමෙන් උන් මගහැර මෙහි ඒමට
වේලාව සකස්‌කර ගත යුතු බව මතක තබා ගන්න. විශේෂයෙන් දැන ගතයුතුම දෙයක් වන්නේ වාහන නවතා තබන තැන සවස 5.00 න් පසු ඉතාම අවදානම් සහිත ස්‌ථානයක් බවයි.
කෙසේ හෝ සවස 2.30 ට පමණ වන විට අපට කොස්‌ලන්දට පැමිණිය හැකි විය. බණ්‌ඩාරවෙල පාරට අප වාහනය හරවනවාත් සමගම වාගේ වාසනාවකට මෙන් පූනාගල හරහා බණ්‌ඩාරවෙල යන ලංගම බසය ගමන් ඇරඹීම අපට මහත් සතුටක් වූයේ පටු මාවතේදී ඉදිරියෙන් යන බසය අපට මග පාදා දෙන බැවිනි. ඒ සමගම අපද ගමන පිටත් වීමු. කොස්‌ලන්ද සිට කි. මී. 41/2 පමණ යන විට දියලුම ආරම්භ වන පුනා ඔය අප යන මාවත හරහා යන ස්‌ථානයේ පටු පාලම හමු විය. ඉදිරියට තවත් මී. 250 පමණ යන විට අප සොයමින් පැමිණි මග සලකුණ වූ ප්‍රධාන පාරෙන් දකුණට හැරෙන මාවත හමුවිය. ඒ අසලම කඩපිළක සිටි තරුණයන් දෙදෙනකු දුටු අප යා යුතු තැන ගැන ඔවුන්ගෙන් විමසුවෙමි. ඒ සමගම වාගේ එහි පැමිණි පුද්ගලයකු පෙන්වූ ඔවුන් මෙයා පාර පෙන්වයි. එයත් සමග යන්නැයි තරුණයකු පෙන්වීය.
ඔහු පූනාගල වතුයායට අයත් එම ස්‌ථානය ආසන්නයේ පිහිටි ස්‌වභාවික නාන තටාකයේ මුරකරු බව පැවසූ අතර අපට අවශ්‍ය ස්‌ථානය කරා යැමට මග පෙන්වීමට එකඟවීම සතුටට හේතු විය. ඔහුගේ මග පෙන්වීමට අනුව වාහනය එහි නවතා කඳු බෑවුම්, සමෝච්චව මාර්ගයක් ඔස්‌සේ ගමන පිටත්වීමු.පිටත්වීමට පෙර අප ගේ මග පෙන්වන්නාගෙන් ලද දැඩි අවවාදය වූයේ සවස 5.00 ට පෙර ආපසු පැමිණ මෙම ස්‌ථානයෙන් ඉවත්වීමට අමතක නොකළ යුතු බවයි. ඔහුට අනුව ගමනට ගතවන කාලය විනාඩි 20 ක් පමණ වන බව පැවසුනි. අප ගමන්ගත් කඳු බෑවුමට පහතින් පිහිටි වන රොද අලින් සිටින ප්‍රදේශය නිසා කුමන හේතුවක් නිසාවත් පහළින් පිහිටි ප්‍රදේශයට නොයන ලෙසටද අවවාදයක් ලැබිණි.
අප පිටත් වූයේ කන්දේ වම්පස බෑවුමකින් වූ අතර එම ගමනේ සෑහෙන දුරක් ගමන් කළ පසු තරමක තැනිතලා බිමකට පැමිණියෙමු. එය කෙලවරදී පාර දෙකට බෙදුණි. එක මාවතක් මේ වන විට අප ඉදිරියේ පහළින් පෙනෙන දිය ඇල්ලේ මුදුන කරා විහිදී ඇති බව පෙනුන අතර, අනෙක අප පැමිණි කන්දේ අනෙක් පස බෑවුම් කරා යොමුවී තිබිණි.
මේ වන විට අප ඉදිරියේ දිස්‌වන දර්ශනය වචනයෙන් විස්‌තර කළ නොහැකි සුන්දර දසුනක් බව පමණක් මම පවසමි. මේ ස්‌ථානයට දිය ඇල්ලේ මුදුන පෙනෙනුයේ අඩුම වශයෙන් අඩි 100 ක් වත් පහළින් බව නම් කිව හැක. බැස යන හිරුගේ රැස් දහර පහතින් පිහිටි මිටියාවතේ හරිත පැහැ ගත් තුරු මුදුන් මත වැටී මවන චමත්කාර දසුන අප වශීකරගත් ආකාරය නම් කිසිවිකුටත් විස්‌තර කළ නොහැකි තරම් රමණීය දසුනකි.
වේලාව ඉතිරි කරගෙන කටයුතු කරගත යුතු නිසා අප නැවතත් කන්දේ අනෙක් පසට යොමුවූ මාවත ඔස්‌සේ ක්‍රමයෙන් පහළට බැසීම ඇරඹුවෙමු. ඒ සමගම අප ඉදිරියේ පහතින් පෙනෙන ෙද්‍රdaණිය මත වැටෙන සැඳෑ හිරු රැස් දහරින් මැවෙන සොඳුරු චමත්කාරය දැසීන්ම දකිනු විනා විස්‌තර කිරීම කළ නොහැකිවීම ගැන ඔබෙන් කමාව පතනු හැර වෙන කළහැකි යමක් නැත. ඒ දසුන එතරම්ම සුන්දරය, නෙත්කළුය. සොබාදම් මව වෙතින් අප ලද මහඟු දායාදයන්ට අප කෙසේ නම් තුති පුදන්නද? අනේ· ඔබ කිසිදිනක මෙහි සුන්දරත්වය යන්තම්වත් වනසන කිසිවක් නොකරන්න. ඔබ මෙහි විත් මේ ගෙනෙන සියලු දේ නැවත රැගෙන යන්න. ඔබේ පියසටහන් පමණක් ඉතිරි කර යන්න.
අප ඉදිරියේ ඇති ෙද්‍රdaණියේ දකුණු කෙළවර ඔබට ඉහත ඡායාරූපයේ පෙනෙන දියලුම ඇල්ලේ මුදුනයි. ඊළඟට ඇත්තේ එම ස්‌ථානය දක්‌වා දිය ගෙනයන ඉහළ දියලුම ඇල්ල පාමුලින් ඇරඹෙන වී අකුරේ හැඩය ගත් ස්‌වාභාවික දිය අගලයි. පහත ඡායාරුපය - දිය අගල ඇරඹෙන්නේ පුනා ඔය දියලුම ඇල්ලට අඩි 30 ක් පමණ ඉහළදී ඉහළ දියලුම ඇල්ල ලෙසින් පහතට ඇදහැලෙන ස්‌ථානය පාමුලිනි. (පහත දෙවන ඡායාරූපය)
දැන් අප නැවතත් ගමන ඇරඹුවෙමු. කන්දේ අනෙක් පස බෑවුම ඔස්‌සේ පහළට බසින අපට පහතින් අප ඉදිරියෙන් ඈත සිට ගලාඑන පූනා ඔය වරෙක සුන්දර දිය පොකුණක් තවත් විටෙක නිවී සැනසිල්ලේ ගලායන සුන්දර ජල දහරක් තවත් විටෙක නොගැඹුරු වක්‌කලම් පසු කරමින් ලතාවකට ඇදී යන දිය පාරක් ආදි වශයෙන් විවිධ මුහුණුවරින් ඉහළ දියලුම ඇල්ල කරා පිවිසෙන සැටි එකම සිතුවමක් ලෙස පෙනන අයුරු අප බලා සිටියේ දෙනෙත් ඇදහිය නොහැකි විය. අප කන්ද පාමුල කරා ගමන් කරන මාර්ගයේ සිට අවට බැලූ විට විවිධ වර්ණ රටා මවන පරිසරයේ චමත්කාරය මොහොතකට අපව මංමුලා කරවයි. එහෙත් පහතට ඇදී යන පටු මාවත අවහිර බාධක වළවල් ගහන එකක් වූ නිසා අඩිය ඔසවා තබන සෑම විටකම එය හොඳ සිහි කල්පනාවකින් කළ යුතු බව සිත තබාගෙත යුතුවේ.
පූනා ඔයේ ඉහළින්ම පිහිටි පොකුණ වෙත ගිය අප සිත්සේ නා ගතිමු. ගොඩට පැමිණ බලන විට වේලාව සවස 4.45 ට පමණ වන බව දැනගත් අපට මුරකරුගේ අවවාදය සිහිවී ආ පසු ගමනට පය ඉක්‌මන් කළ යුතු බව දැනුණි. එහෙත් වන අලින් පිළිබඳ හැඟීම පරදවමින් අවට චමත්කාරයෙන් අප වශීවී සිටියෙමු.
මඳ අඳුරක් සමඟින් සිහින් දිය පොදක් ද ගත දැවටුන විට ආපසු යැමට වේලාව පැමිණ ඇති බව දැනුන බැවින් කවුරුත් පය ඉක්‌මන් කළ යුතු බව නිහඬවම පිළිගන්නට අපට සිදු විය. ගමන ඇරඹූ තැනට පැමිණෙනවාත් සමගම අප පසුකර ගිය ත්‍රිරෝද රියක සිටි තරුණයෙක් ඉක්‌මනින් මෙතිනන් ඉවත්වන ලෙසට කළ අනතර=e ඇඟවීමත් සමග කළමනා සියල්ල ලහිලහියෝ වෑන්රථයට පටවා ගත් අප තවත් දුෂ්කර මගක් ඔස්‌සේ බණ්‌ඩාරවෙල එදින අපගේ නවාතැන කරා පිටත් වූයෙමු.
ඔබ යම් දිනක මෙම ස්‌ථානය නැරඹීමට අදහස් කරන්නේ නම් අඩුම වශයෙන් මෙම ස්‌ථානයේ ඔබ උදය 10.00 වන විටවත් සිටියොත් එය හොඳම වෙලාව වන අතර ඒ සඳහා ඔබ කොස්‌ලන්දේ පිහිටි එකම හෝටලයේ නැවතීමෙන් හෝ හපුතලේ නවාතැන් ගෙන උදෑසනින්ම බෙරගල හරහා කොස්‌ලන්දට පැමිණි විට ඔබේම වාහනයකින් හෝ කොස්‌ලන්ද සිට බණ්‌ඩාරවෙල බළා යන ලංගම බසයේ නැග හෝ කි. මීටර 41/2 ක් වැනි කෙටි දුර ප්‍රමාණයක් ගෙවා මෙම ස්‌ථානයට පහසුවෙන්ම ළඟා විය හැක. ඔබ බණ්‌ඩාරවෙල නවාතැන් ගන්නේ නම් සැතපුම් 16 ක් පමණ දුර ගෙවමින් ඉතා දුෂ්කර මගක් ඔස්‌සේ මෙම ස්‌ථානයට පැමිණිය යුතු බවද මතක තබා ගැනීම වැදගත්ය.
ප්‍රීති සපරමාදු - උපුටාගැනීම: දිවයින විශේෂාංග