වසර මිලියන 2.8ක් පැරණි මානව හකුධාතුවක ෆොසිලයක් ඉතියෝපියාවෙන් සොයාගෙන ඇත. මෙය මීට පෙර සොයාගත් ෆොසිල වලට වඩා වසර 500,000 පැරණිබව හෙලිවී තිබේ. මීට කලින් පැරණිම හෝමෝ ෆොසිලය වසර මිලියන 2.4ක් පමණ පැරණි බව තහවුරු කරගෙන ඇත. මේ අනුව හෙවත් මානව ගෝත්‍රය කලින් ඇස්තමේන්තුකලාට වඩා තවත් වසර ලක්ශ 5ක් පැරණි බව තහවුරුවී ඇත. නූතනයේ ජීවත්වන එකම මානව ගෝත්‍රය හෝමෝ සැපියන් වුවත්, ඈත අතීතයේදී තවත් මානව (homo) ගෝත්‍ර ගණනාවක් ලොව සැරිසරා ඇත.
මෙම ෆොසිලය සොයාගත්තේ 2013දී වුවත්, මෙතෙක් කල් එය ලොවට ඉදිරිපත් නොප්කලේ ඒ පිලිබඳව පරීක්ශණ පවත්වා එහි වයස පිලිබඳව දත්ත ස්ථිර කරගැනීම සඳහාය.
වයස තහවුරු කරගෙන ඇතත් මෙම LD-350-1 නම් කොට ඇති මෙම ෆොසිලය මෙතෙක් හඳුනා නොගත් අලුත්ම හෝමෝ ගණයක සාමාජිකයෙකුගේද නැතහොත් හෝමෝ හැබිලිස් වැනි ආදි මානවයෙකුගේ දැයි තවමත් තහවුරු වී නැත. මෙම ෆොසිලය හමුවී ප්‍රදේශයෙන්ම ඔස්ට්‍රෝලෝපිතිකස් මානවයාගේ ෆොසිලද හමුවී ඇති අතර එම ෆොසිල හා මේ ෆොසිලය අතර කාළ වෙනස වසර ලක්ශ 2ක් පමණය.