Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

ඩයිනෝසිරස්ලා ලංකාවෙත් ඉඳලා - ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් කුරුලන්ගල ගල් පර්වතයේ තිබී රාවණා පුත්‍ර සංවිධානයේ සභාපතිට හමුවෙලා!

$
0
0

වාර්තාව හා චිත්‍ර සටහන් උපුටාගත්තේ 13/04/2015 මව්බිම පුවත්පතෙහි වෙබ් සංස්කරණයෙනි

රුධිරයේ හෝ ඒ හා සමාන ද්‍රව්‍යයකින් මීට වසර දහස් ගණනකට පෙර අඳින ලද කුරුලු රූප හා ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් ඇල්ලවැල්ලවාය මාර්ගයේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කදින්නාවෙලට නුදුරින් පිහිටි කුරුලන්ගල ගල් පර්වතයේ තිබී තමන්ට හමුවූ බව රාවණා පුත්‍ර සංවිධානයේ සභාපති ගයාන් එස්. විතානගමගේ මහතා 'මව්බිම'ට කීය. මේ රූ සටහන් විධිමත් කාල නිර්ණයකට භාජන කර ඒ පිළිබඳ පුළුල් සොයාබැලීමක් සිදුකළහොත් වැළලීගිය ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ඉඩකඩ ලැබෙන බවත් ඉතිහාසය නැවැත ලියන්නට ඇතැම් විට සිදුවනු ඇති බවත් ඔහු කීවේය. 'මව්බිම'ට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ තොරතුරු මුද්‍රිත මාධ්‍යකින් හෙළිදරවු වන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ගැන බොහෝ දෙනෙක් අසා තිබුණත් එහි නිවැරැදි අර්ථකථනයක් හෝ වටිනාකමක් ලබාදෙන්න අදවනතුරු කවුරුවත් අවධානය යොමු කරලා නැහැ. මගේ මතය අනුව මෙහි තිබෙන රූ සටහන අතීතයේ මුතුන් මිත්තන් ඇඳපු ඒවා විය හැකිය. එසේ
නම් ඔවුන් ඩයිනෝසරයන් දැක තිබෙනවා. එය එසේ නම් ලංකාවේ ඩයිනෝසරයන් ජීවත් වී සිටින බවට තහවුරු වෙනවා. අද වන විට මේ චිත්‍ර සහිත කොටස විශාල වශයෙන් විනාශ වෙනවා. අඩි 30ක් පමණ තිබූ කොටසෙන් ඉතිරිවෙලා තියෙන්නේ අඩි 6ක පමණ කොටසක්. එයවත් සංරක්ෂණයට වහාම වගකිවයුතු බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.

පසු සටහන

මෙම පුවත සත්‍යයක් නම් විද්‍යාව , තාක්ෂණය, පුරාවිද්‍යාව වැනි විෂයන් වලට උනන්දුවක් දක්වන ඒ පිළිබඳව තොරතුරු ගවේෂණය කරන්නට වෙහෙසෙන අප සැමට අමන්දනිය පුවතකි. දකුණු ඉන්දියවෙන්ද ඩයිනොසිරස් ෆොසිල හමුවී ඇති බැවින් ලංකාවේ උන් නොසිටින්නට හේතුවක් නැත.

විචිකිච්චාව

කෙසේ වෙතත් මේ පුවත නෙත ගැටුණු මොහොතේ සිටම මාතුල ඇතිවුයේ සතුටකට වඩා විචිකිච්චාවකි, කුකුසකි. මෙය හැබෑවක්ද? මෙතුවක් කාලයකට කිසිදු මාධ්‍යකින් අනාවරණය නොවූ මෙවන් වැදගත් පුවතක් සොයාගත් අය විසින් මෙතරම් සැහැල්ලුවෙන් ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට පවසා නිහඩ වේද? මීට වඩා නොවැදගත් දේ වෙනුවෙන් මාධ්‍ය සාකච්චා පවත්වා ඩෙගානටන යුගයකය අප ඉන්නේ. ජනප්‍රිය විද්‍යුත් නාලිකා යහපාලනයෙන් ආප්පයේ ප්ලේන්ටියේ මිල අඩුවුවා දැයි සොයමින් දවසේ ප්‍රධාන පුවත් විකාශනයෙන් විනාඩි 15-20 ගතකරමින් රටේම කාලය නාස්ති කරන යුගයක මෙවැනි වැදගත් පුවතකට අඩුම ගණනේ SMS ඇලට් එකක්වත් නැතිවීම පුදුමයි නේද?

මෙම පුවත පලකල මව්බිම එය සද්භාවයෙන් කල බවට සැක නැත. ඔවුන් එය මුල්පුවත කිරීමෙන් මවුබිමේ ඇත්තන් යම් විඥානයක් ඇති මෙවන් දෙයක වැදගත්කම තේරුම්ගත හැකි අයවලුන් වීම වාසනාවකි.

එහෙත් නොපෑහෙන තැන් ගොඩකි.

1] මෙම සොයාගැනීම කල රාවණා පුත්‍ර සංවිධානයේ සභාපතිතුමා ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කලාද?

දිවයිනේ ඕනෑම තැනකින් හමුවන පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි සැකකෙරෙන සොයා ගැනීමක් පළමුවෙන්ම දැනුන් දිය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. එය ශ්‍රී ලංකා පුරාවිද්‍යා අණපනත්වල පැහැදිලිව දක්වා ඇත. එසේ නොකිරීම වරදකි.

2] රාවණා පුත්‍ර සංවිදානය මෙම ගවේෂණයට යොමුකළ සාධකය කුමක්ද? 

ගම්වැසියන්ගෙන් ලැබුණු තොරතුරක්ද? චායාරුපයෙන් පෙනෙන ආකාරයට සොයාගැනීම සිදුකල කන්ද දුෂ්කර ගිරිදුර්ගයකි. මෙතරම් දුෂ්කර ගමනකින් සොයාගත් දේ පිළිබඳව රටම දැනුවත් කරන්නට පුවත් සාකච්චා වැනි උපක්‍රම භාවිතා නොකරන්නේ ඇයි? ඔවුන් ප්‍රසිද්ධියට අකමැතිද?

3] ඩයිනොසොරයන් වඳවී වසර මිලියන 65ක් පමණ ගතවී ඇත.පැරණිම මානව ෆොසිලය වසර මිලියන 2.8ක් පැරණි බව සොයාගෙන ඇත. එසේනම් කුරුලන්ගල ගල් පර්වතයේ චිත්‍ර අඳින ළද ආදී මානවයා ඩයිනොසොරයන් දැක්කේ කොහොමද? ඉතිහාසය අලුතින් ලියන්නට පෙර මෙම ගැටලුව විසඳා ගත යුතු නොවේද?

4] ඩයිනොසොරයන් දැක්වෙන මානව චිත්‍ර තවත් ඇත.

2014 වසරෙදී කුවේටයේ ගල් ගුහාවකින් 67 හැවිරිදි ගොපල්ලෙකුට හමුවූ ඉපැරණි ගුහා චිත්‍ර වලද මිනිසුන් විසින් ඩයිනසොරයින් දඩයම් කරන ආකාරය දැක්වේ.








Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>