Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1216

භෞතික විද්‍යා අංශ ගොඩනැංවීමට ජාත්‍යන්තර ගිවිසුමක්

$
0
0
භෞතික විද්‍යා අංශයේ සහයෝගීතාවය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධානය අතර ගිවිසුමකට අත්සන් තබයි.

ජිනීවාහි පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධාන මූලස්ථානයේ දී පසුගිය 25දා එම ගිවිසුමට අත්සන් කර තිබෙන අතර ඒ සඳහා එහි අධ්‍යක්ෂ ජනරාල් රොල්ෆ් ඩයටර් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහත්වරු අත්සන් කළ බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.

න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධානය විසින් අනුක භෞතික විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන අතර මේ වනවිට රටවල් 80කට අයත් විශ්ව විද්‍යාල 600ට වැඩි ප්‍රමාණයක සිටින අනුක භෞතික විද්‍යාඥයන් 11,000ක් පමණ එම සංවිධානයේ සාමාජිකත්වය ලබා තිබේ.

මේ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතනයන්හි ඉංජිනේරුවන්ට හා පර්යේෂකයන්ට අනුක භෞතික විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක හා පර්යේෂණාත්මක දැනුම ලබාගැනීමට හැකිවන බවද ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සිසුන්, ගුරුවරුන්, ඉංජිනේරුවන්, පර්යේෂකයින් න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වන යුරෝපා සංවිධානයේ වාර්ෂික පුහුණු වැඩපිළිවෙළ සඳහා තරඟකාරී පදනමකින් ඉල්ලුම් කරන බවද ඒ සමඟම මෙය එක්තරා අන්තර්ජාතික සහයෝගිතා ගිවිසුමක් වශයෙන් ක්‍රියාත්මක වන බවද එම කාර්යාලය පෙන්වා දෙයි.

Source : http://www.sinhala.srilankamirror.com/news/item/6071-science-lab-ad


Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>