
"Growing Underground"ලෙස නම්කොට ඇති මෙම ව්‍යාපාරය ලොව එකම භූගත ගොවිපොල වන අතර ඒ සඳහා දෙවන ලෝක යුධසමයේ ගුවන්ප්‍රහාර වලදී ලන්ඩන් වැසියන්ට ආරක්ශාව දීම සඳහා නිර්මාණයකරන ලද බංකරයක් යොදාගෙන තිබෙනවා. ලන්ඩන් ව්‍යාපාරිකයින් වන රිචර්ඩ් බලාර්ඩ් හා ස්ටීවන් ඩ්‍රින්ග් යන දෙදෙනාත්, ලන්ඩනයේ ජනප්‍රිය සූපවේදියෙකුවන මයිකල් රෝක්ස් සම සහභාගිත්වයෙන් මෙම ගූගත ගොවිපොල ව්‍යාපාරය ආරම්භකොට තිබෙනවා.
මෙම බංකරය තුල වැවෙන පැලෑටි සඳහා ආලෝකය ලබාදීමට අති නවීන ආලෝක පද්ධතියක් හා ජලය ලබාගැනීමට වාර් පද්ධතියකුත් නිර්මාණය කොට තිබෙන අතර එම ගොවිපොල ලඟදීම ලන්ඩනයේ අවන්හල් සඳහා අලුත්ම කොළ එලවලු (leafy-green vegetables) ලබාදීමට සූදානම් වනවා. පලමු අදියරේදී රාබු, අබ, කොත්තමල්ලි, රතු තම්පලා, සැල්දිරි, රට අසමෝදගම් (parsley) ආදී එළවලු සැපයිමට සූදානම් කොට තිබෙනවා.

අතිනවීන, අඩු බලශක්ති භාවිතයක් ඇති ආලෝක පද්ධතිය, ජල නාස්තිය ඉතා අඩු නවීන ජල සැපයුම් පද්ධතිය හා වාතාශ්‍රය ලබාදීමේ පද්ධතිය පරිගණක මගින් පාලනය වන අතර බලශක්ති හා ජල නාස්තිය අවමකරමින් පරිසරයට ඉතා අඩු බලපෑමක් ඇතිවන ලෙස නිර්මාණය කොට තිබෙනවා. මෙම ගොවිපොලට විදුලිය ලබාගන්නේත් ෆොසිල ඉන්ධන දහනයෙන් විදුලිය සපයන ආයතනයකින් නොව සූර්ය බලයෙන් විදුලිය ජනනය කරන ආයතනයකින්. එබැවින් පරිසරයට සිදුවන අහිතකර බලපෑම ඉතාමත් අවමයි.

ලන්ඩන් නගරයේ නවමු ව්‍යාපාර ඇරඹීම සඳහා විශේෂයෙන් කැපවී ක්‍රියාකරන ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් මෙම ව්‍යාපාරය සඳහාද විශේෂ අනුග්‍රහයක් දැක්වූවා. ලන්ඩන් වැසියන්ගේ නවමු ව්‍යාපාර ඇරඹීමේ හැකියාවට හා ව්‍යාපාරික දර්ශණයට මෙම භූගත ගොවිපොල හොඳ උදාහරණයක් බව ඔහු පවසනවා. මෙවැනි නවමු ව්‍යාපාර මගින් ලන්ඩනයට විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනයවී ඇති බව පවසන බොරිස් ජොන්සන් මෙවැනි නව ව්‍යාපාර මගින් ලන්ඩනයේ ආර්ථිකයට පවුම් බිලියන 30ක දායකත්වයක් ලැබෙන බව පවසනවා.