Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

කොටියාද? දිවියාද? ලෙපර්ඩ් කියන්නේ කොයි එකාටද?

$
0
0
ලංකාවේ සිටින කැළෑ බිළාලයින් වර්ග සතර (C) Sunday Times

ඉස්සර දෙමළ ත්‍රස්තවාදය තියෙන කාලේ අපි ටැමිල් ටයිගර්ලාට දෙමළ කොටි කිව්වා. ඒ වැරැද්ද අවුරුදු 30ක යුද්ධ කාලේ නිවැරදි නොකරම භාවිතා වුනා. මිනීමරණ ත්‍රස්තවාදියාට කොටියා කියනවද ව්‍යාග්‍රයා කියනවද කියන එක වැදගත් වුනේ නෑ. 

ඒත් දැන් මේ අවුල ලිහා ගන්න කාලේ ඇවිල්ලා. දැන් ලංකාවේ ඉන්නේ කකුල් හතරේ කොටි විතරයි (අපි දන්න තරමට). මෙයාලාගේ විද්‍යාත්මක නම පැන්තිරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya). මේ නම යෝජනා කලේ, ලංකාවේ කොටි, ලෝකයේ වෙනත් කොටිවර්ග එනම් ලෙපර්ඩ් නම් බිළාලයින් වර්ග වලට වඩා වෙනස් උප කුළයක් විධියට හඳුනාගත යුතු යැයි යෝජනාකල සත්ව විද්‍යාඥ දෙරණියගල මහතා විසින්. ඒ 1956 තරම් ඈතකදී. ඒ යෝජනාව විද්‍යාත්මකව තහවුරු වුනු නිසා දැන් ලෝකයාම ලංකාවේ ලෙපර්ඩ් පැන්තිරා පාර්ඩුස් කුළයේ කොටියා කියන උප-උප කුළයට අයිති බව පිලි අරගෙන පැන්තිරා පාර්ඩුස් කොටියාකියන විද්‍යාත්මක නාමය පිලි අරගෙන තියෙනවා.

සත්ව විද්‍යාඥ දෙරණියගල මහත්තයා මෙයාගෙ විද්‍යාත්මක නම විධියට පැන්තිරා පාර්ඩුස් කොටියා කියල යෝජනා කලේ ඇයි?

Sri Lanka Leopard @ Yala Block V (Weheragala, Lunugamwehera), Feb 2017 - 02.jpg

දෙරණියගල මහත්තයාට මේ බිළාලයා පැන්තිරා පාර්ඩුස් දිවියා ලෙස හැඳින්විය යුතු බවට යෝජනා නොකලේ ඇයි?

කොටියාද? දිවියාද? කියන වාදයට හොඳම උත්තරේ ලංකාවෙ විශිෂ්ඨතම සත්ව විද්‍යාඥයෙකු වන පී දෙරණියගල මහතා මේ බිළාලයා "කොටියා"කියලා නම් කලේ, මේ රටේ පුරාණයේ ඉඳලම මේ සත්වයාට භාවිතාකල සිංහල නම "කොටියා"වුනු නිසා නොවේද? කියන එකයි.

පුරාණයේ සිටම ගැමි වහරේ කොටියා කියලා හැඳින්වුනේ ඉංග්‍රීසියෙන් ලෙපර්ඩ් කියන බිළාලයාට නිසා දෙරණියගල මහත්තයා මේ සත්වයා ලංකාවට සුවිශේෂී ලෙපර්ඩ් බිළාලයෙක් බව අවබෝධකරගෙන එයාට "පැන්තීරා පාර්ඩුස් කොටියා"කියලා යෝජනා කලා. 

එතකොට ටයිගර්?

ටයිගර් හෙවත් ව්‍යාග්‍රයා සිරස් අතට ඉරි වැටුනු විශාල බිළායෙකි.
ටයිගර් කියන්නේ, සිරස් අතට ඉරි වැටුනු, ප්‍රමාණයෙන් කොටියාට වඩා ඉතා විශාල, බිහිසුණු බිළාලයෙක්. දැන් ලංකාවේ ව්‍යාග්‍රයින් නැතත්, ඈත අතීතයේ ලංකාවේ ව්‍යාග්‍රයින් සිටි බවට ෆොසිල සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා.

ලංකාවේ ජීවත් වුණු පුරාතන ව්‍යාග්‍රයින් ගැන වඩා පැහැදිලි සාක්ෂි හමු වෙලා තියෙනවා. වැඩි පොසිල ගණනක් හමු වෙලා තියෙන නිසා වඩාත් ගැඹුරින් කෙරුණු අධ්‍යයනයන් පවා සොයා ගන්න පුළුවන්.

Panthera tigris කියලා හඳුන්වන මේ පුරාතන ව්‍යාග්‍ර විශේෂය ලංකාවේ විසූ බව පොසිල සහ අනු පොසිල 9ක් ඇසුරෙන් තහවුරු වෙලා තිබෙනවා. මෙයින් හතරක කාබන් කාල නිර්ණ දත්ත ඇසුරෙන් මේ ව්‍යාග්‍ර විශේෂය මීට වසර 14,000 – 17,000කට ඉහත කාලයේ ජීවත් වූ බව දක්වන්න පුළුවන්. 

ඒ අනුව පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකා සිංහයා සිටි කාලයට වඩා ඉතා මෑතකදී මේ ව්‍යාග්‍ර විශේෂය ජීවත් වී ඇති බවයි. කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව මේ ව්‍යාග්‍රයින්ගේ පොසිල කිහිපයක් බලංගොඩ මානවයා “ඉවතලන ආහාර පාන දැමූ ස්ථාන” වලට ඉතා ආසන්නයෙන් දැක ගන්න ලැබෙන නිසා එකල මිනිසුන් මේ කොටියන්ව ආහාර පිණිස දඩයම් කරන්න ඇති බවත් තහවුරු කරගන්න පුළුවන්. (උදාහරණයකට අපි කුණු දමන තැනක තියෙන කුකුල් මස් කටු වලින් අපි කුකුළන් මස් පිණිස ආහාරයට ගත්තු බව තහවුරු කර ගන්නවා වගේ)

මේ පොසිල වැඩි හරියක් සොයා ගනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතවයි. 

කොටියාට අමතරව ලංකාවේ සිටින අනෙක් කැළෑ බිළාලයින්

කොටියාට අමතරව ලංකාවේ දකින්නට ලැබෙන වනාන්තරයේ ජීවත්වන බළල් පවුලේ සාමාජිකයින්   (wild cats of Sri Lanka) අතර;

* හඳුන් දිවියා  - Fishing Cat (Prionailurus viverrinus)
* දිවියා - Jungle Cat (Felis chaus)
* වල් බළලා - Rusty Spotted Cat (Prionailursus rubiginous)



__________________________________________________________________________ Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>