Quantcast
Viewing all articles
Browse latest Browse all 1216

ඊයේ එලිදැක්වුනු අලුත්ම Range Rover Velar


ඊයේ එනම් මාර්තු පලමුවැනිදා, බ්‍රිතාන්‍යයයේ සුප්‍රකට ලෑන්ඩ් රෝවර් සමාගම සිය රේන්ජ් රෝවර් ජීප් රථ පෙලෙහි අලුත්ම රථ මාදිලිය ලන්ඩනයේදී හඳුන්වා දුන්නා. සිනමා/රූපවාහිණී තරු, ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන් හා ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ සඟරාවල කතෘවරුන් හා ජනමාධ්‍ය වේදීන් වෙනුවෙන් පැවැත්වුනු මෙම නිළ එලිදැක්වීමේ උත්සවය පැවැත්වුනේ ලන්ඩනයේ කෙන්සිංටන් ප්‍රදේශයේ සුප්‍රකට "Design Museum"කාර්මික ප්‍රදර්ශණායතනයේදීයි.

Image may be NSFW.
Clik here to view.
රේන්ජ් රෝවර් ජීප් රථ මාදිලි පෙලගැස්ම
මින් පෙර ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරිපත් කොට තිබූ රේන්ජ් රෝවර්, රේන්ජ් රෝවර් ස්පොර්ට් හා රේන්ජ් රෝවර් ඊවෝක් යන මාදිලි තුන අතර ඇති හිඩැස සම්පූර්ණ කිරීම සඳහා රේන්ජ් රෝවර් වේලාර් මාදිලිය ඉදිරිපත් කල බව පවසන එම සමාගම දැන් මාදිලි 4ක් සමගින් තමන්ට ගැලපෙන මාදිලියක් තෝරාගැනීම සඳහා පරිපූර්ණ ජීප් රථ පෙලක් රේන්ජ් රෝවර් ලෝලීන් හට අවස්තාව උදාවී ඇති බව පවසනවා.

අශ්ව බල 340ක ජවයක් උපදවන, ලීටර් 3ක ධාරිතාවය ඇති පැට්‍රෝල් එන්ජිමකින් බලගැන්වෙන වේලාර් මාදිලිය නිසල බවේ සිට පැයට කිලෝමීටර් 100ක වේගයක් ලබාගැනීමට ගන්නේ තත්පර 5.3ක් පමණයි.

සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයේ නිර්මාණයකොට, බ්‍රිතාන්‍යයේ සොලිහල් ප්‍රදේශයේ ඇති ජගුවාර්-ලෑන්ඩ් රෝවර් කර්මාණ්තශාලාවේ නිශ්පාදනය කොට ඇති රේන්ජ් රෝවර් වෙලාර් මාදිලිය බ්‍රිතාන්‍ය මෝටර් රථ කර්මාණ්තයේ යලි පිබිදීමක් සනිටුහන් කරනවා. 

කලක් ඇමරිකාවේ ෆෝඩ් සමාගම සතුව බොහෝ පාඩු ලබමින් තිබූ ලෑන්ඩ් රෝවර් හා ජගුවාර් සමාගම් ඉන්දියාවේ ටාටා සමාගම විසින් මිලදී ගත් අතර ටාටා සමාගමේ ආයෝජනය අධික ණයබරින් නිදහස් වීමටත්, නව නිර්මාණය් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමටත් යෙදවුනා. තමන්ට අයිති වුවද ටාටා ඉහල කළමණාකාරිත්වය, ලෑන්ඩ් රෝවර් හා ජගුවාර් සමාගම් වල බ්‍රිතාන්‍ය කළමණාකාරිත්වය එලෙසම පවත්වාගෙන ගිය අතර නව නිර්මාණ සඳහා පූර්ණ නිදහස හා ඇති තරම් ආයෝජන ලබාදුන්නා. 

මේ ඥාණාන්විත උපායමාර්ගය නිසා අදවනවිට ලෑන්ඩ් රෝවර් හා ජගුවාර් සමාගම් ඉතාවිශාල ලෙස ලාභ ලබන, නිරන්තරයෙන් නව මාදිලි ඉදිරිපත් කරන සාර්ථක සමාගම් බවට පරිවර්තනය වී ඇති අතර සමාගම් අතිවිශාල සංඛ්‍යාවක් ඇති ටාටා සමූහව්‍යාපාරයේ අතිශයින්ම ලාභ ලබන අංශයක් බවට ලෑන්ඩ් රෝවර්-ජගුවාර් අංශය පත්ව තිබෙනවා.














__________________________________________________________________________

Image may be NSFW.
Clik here to view.
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1216

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>