Audi e-tron Sportback ලෙස නම්කොට ඇති මෙය මාදිලියේ ඉලෙක්ට්‍රික් කාරයක් වන අතර එය ටෙස්ලා මොඩල් X මාදිලිය හා තරඟයට යෙදවීමට බලාපොරොත්තු වෙනවා. තත්පර 4.5කින් පැයට කිලෝමීටර් 100ක වේගයක් ලඟාකර ගත හැකි මෙයට එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 300ක් ගමන්කල හැකි බව අව්ඩි ඉන්ජිනේරුවන් පවසනවා.
නව තාක්ෂණයේ Matrix LED මාදිලියේ ප්‍රධාන ලාම්පු වලින් යුතුවන මෙම රථයේ ප්‍රධාන ලාම්පු හා කැමරාවලින් යුතු පද්ධතියක් මගින් ඉදිරියෙන් එන රථයේ රියැදුරාගේ දෑස් නිළංකාර වීම නැවැත්වීමට එම රියැදුරාගේ දෑසට වැටෙන LED බල්බ ත්‍රීව්‍රතාවය අඩුකරන අතර අනෙක් පෙදෙස් දීප්තිමත්ව ආලෝක කරනවා. ඒ අනුව අණතුරු අඩුවනු ඇති බවයි අවිඩි සමාගම පවසන්නේ.
එමෙන්ම මෝටර් රථයක රියැදුරාට නොපෙනෙන ප්‍රදේශ හෙවත් blind spots මෙම අව්ඩි රථයේ නැති බව සමාගම සඳහන් කරනවා. ඇති ප්‍රදේශ කැමරාවලින් ආවරණය කොට රියැදුරාට LED තිර මගින් ඒ ප්‍රදේශවල දසුන් පෙන්වනවා.

__________________________________________________________________________
