චීනයේ අලුත් ඉලෙක්ට්‍රික් කාර් සමාගමක් වෙන නියෝ සමාගම, සිය අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් මාදිලිය ෂැංග්හයි මෝටර් රථ ප්‍රදර්ෂණයේදී එලිදැක්වූවා.
ES8 SUV ලෙස නම්කොට ඇති මෙය SUV (ලංකාවේ ජීප්) මාදිලියට අයත් එකක්. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැළසුම් කොට ඇති මෙම රථ සමාගම චීනයේ අධිතාක්ෂණික සමාගම් වන Tencent Holdings හා Baidu Inc මෙන්ම ඇමරිකාවේ සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම් වලද ආයෝජනයෙන් වෙළඳපොලට එනවා.
එමෙන්ම චීනයේ විශාල මෝටර් රථ නිෂ්පාදකයෙකු වනJAC Motors සමාගම හා නිෂ්පාදන ගිවිසුමක් ඇතිකරගෙන ඇති නියෝ සමාගමට වසරකට ඉලෙක්ට්‍රික් කාර් 100,000 නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා.
__________________________________________________________________________
