![]() |
Tupolev Tu-95 "Bear" Long-range Strategic Bomber | Russian Air force |
ඇලස්කාවේ ඇන්කරේජ් දෙසට පියාසර කරමින් සිටි ටූපොලෙෆ් Tu-95 (නේටෝ හඳුනාගැනීමේ කේතය "Bear") දැවැන්ත බෝම්බ හෙලන යානා සමූහයකට අණතුරු ඇඟවීම සඳහා ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ් ගුවන් කඳවුරෙන් F22 ස්ටෙල්ත් ප්‍රහාරක යානා යවා තිබෙනවා.
ඇමරිකාවේ කොටසක් වන ඇලස්කාවට නුදුරු ජාත්‍යන්තර මුහුදු සීමාවේ පියාසර කරමින් සිටි යෝධ රුසියානු යානා ඇලස්කා මුහුදුසීමාටව ඇතුලුවීම වැලැක්වීමට F22 යානා පිටත්කල බව ඇමරිකානු ගුවන් හමුදාව හා රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය තහවුරු කලා
විනාඩි 27 තිස්සේ රුසියානු යානා හා සමාන්තරව පියාසර කල ඇමරිකන් යානා, රුසියානු යානා ඇලස්කාවෙන් ඈතට යත්ම ආපසු හැරී ගිය බව පැවසෙනවා. රුසියානු ටූපලෙෆ් යානා ඈත-පෙරදිග-අමූර් පලාතේ (Far Eastern Amur Region) පිහිටි යූක්‍රේන්කා ගුවන්හමුදා කඳවුරෙන් පිටත්ව කිලෝමීටර් 5000ක පුහුණු පියාසැරියක නිරතවී සිටි බව ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.
![]() |
ඇලස්කාවේ එල්මෙන්ඩෝර්ෆ් ගුවන්කඳවුරේ ධාවන පථයේ දිවයන F22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානයක්. |
__________________________________________________________________________
