විද්‍යා පර්යේෂ සඳහා බරපැන දැරීම, විද්‍යා අධ්‍යාපනය නැංවීම, ගෝලීය උණුසුම්කරණය හා දේශගුණ විපර්යාස හැදෑරීම සඳහා වැඩි බරක් තැබීම ආදී ලොවටම වැදගත් කරුණු රාශියක් පිලිබඳව අවබෝධය වැඩි කිරීම, රජයන් පීඩනයට පත්කිරීමට මෙන්ම මෙම කරුණු පිලිබඳව ජනමාධ්‍යවල අවධානය දිනාගැනීම සඳහා "මිහිකත දිනය"සැමරී ඊයේ, ඊට සමගාමීව ලොව පුරා නගර 600ක විද්‍යාව වෙනුවෙන් මහා පාද යාත්‍රා පැවැත්වුනා.
මෙම පාදයාත්‍රා සඳහා දහස් ගණනක් විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සහභාගීවූ බව වාර්තා වෙනවා.
විද්‍යා පරියේෂණවලට, විද්‍යා අධ්‍යාපනයට හා ගෝලීය දේශගුණ විපර්යාස අධ්‍යයනයට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන හා පහසුකම් වෙන්කිරීම හා විද්‍යා පර්යේෂණ ප්‍රථිපල රජයන්ගේ ප්‍රතිපාදන සම්පාදනයන් සඳහා පාදක කරගන්නා ලෙසත් ඔවුන් දේශපාලකයින්ට හා ප්‍රතිපත්ති සම්පාදකයින්ට බලකර සිටියා.

ට්‍රම්ප්ගේ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිපාදන ඩොලර් බිලියන 6කින් කපාදැමීමේ සැළසුම, ඇමරිකානු පරිසර සංරක්ෂණ ඒජන්සිය කප්පදු කිරීම, ගෝලීය උණුසුම්කරණය මිත්‍යාවක් බවට වන ආකල්පය මෙන්ම නාසා වැනි අමෙරිකානු විද්‍යා හා තාක්ෂණ බලමහිමයේ උල්පත්වලට ප්‍රතිපාදන කප්පාදුකිරීම ඇමරිකාවේ වොෂිංටනයේ පැවති පාදයත්‍රාවට සහභාගීවූ විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට බඳුන්වුනා.
__________________________________________________________________________
