අතිවිශාල බරක් කක්ෂගත කල හැකි රොකට්ටුවක් හා ඊට සම්බන්ධ බඩුගෙනයන () අභ්‍යවකාශ යානයක් චීනය විසින් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. පසුගිය අප්‍රේල් 20 වැනිදා වෙන්චැන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් ගුවන්ගතවූ ලෝන්ග්-මාර්ච් රොකට්ටුව මත සවික ටියැංෂූ-1 අභ්‍යවකාශ භාණ්ඩ ප්‍රවාහණ යානය සාර්ථකව කක්ෂගතවී, දැනට කක්ෂයේ රැඳී සිටින ටියැන්ගොංග්-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ස්වයංක්‍රීයව සම්බන්ධවුනා.
ටියැංෂූ-1 භාණ්ඩ ප්‍රවාහණ යානයේ ඇති විශේෂත්වය වන්නේ එයට භාණ්ඩ පමණක් නොව අභ්‍යවකාශයේ රැඳීතිබෙන යානයක රොකට් එන්ජින් සඳහා ඉන්ධන ගෙනයා හැකිවීමයි. මෙම හැකියාව ඇමරිකාවට පවා නැති බවයි විශේෂඥයින් පවසන්නේ.
ටියැංෂූ-1 යානය, නුදුරු අනාගතයේදී චීනය අභ්‍යවකාශයේ ගොඩනැගීමට බලාපොරොත්තුවන විශාල අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා කොටස් උඩුගුවනට ගෙනයාමට අත්‍යාවශ්‍ය බව විශේෂඥයින් පවසනවා. ඒ අනුව, මෙම සාර්ථක ගුවන්ගත කිරීමත් සමග චීනයේ අභ්‍යවකාශ බලාපොරොත්තු සඵල කර ගැනීමට ඇති බොහෝ බාධා ඉවත්වී ඇති බවයි පැවසෙන්නේ.
__________________________________________________________________________
