රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපට මාලාවේ හයවැනි හා අවසාන කොටස ලෙස හැඳින්වුනු "ෆයිනල් චැප්ටර්"තිරගත වුනේ 2016දී. ඒත් ඔන්න දැන් රෙසිඩන්ට් ඊවිල් නිෂ්පාදනය කරපු කොන්ස්ටන්ටයින් චිත්‍රපට සමාගමේ සභාපති මාර්ටින් මොස්කොවිස්, රෙසිඩන්ට් ඊවිල් ආයෙත් ගේන්න තීරණය කරලා. රෙසිඩන්ට් ඊවිල් රීබූට් කියලයි මේ ව්‍යාපෘතිය නම්කරලා තියෙන්නේ. අලුත් චිත්‍රපට 6ක සීරීස් එකක වැඩ පටන්ගන්න බව මාටින් මොස්කොවි දැන් පැවැත්වෙන කාන්ස් චිත්‍රපට උලෙලේදී තහවුරු කරලා තියෙනවා.
රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපට මාලාවේ කතා නායිකාව වන්නේ මිලා ජොවොවික් පණ පොවන ඇලිස් නම්වූ ජාන ඉන්ජිනේරුකරණයෙන් බිහිකරන ලද සටන්කාමී තරුණිය.
රෙසිඩන්ට් ඊවිල් කතාමාලාව පුරාම දිවෙන්නේ අම්බ්‍රෙල්ලා කෝපරේෂන් නම් ජාන ඉන්ජිනේරු සමාගම ජෛව අවියක් ලෙසින් තැනූ ටී-වෛරස් නම්, ආසාදිතයින් සොම්බී පිසාචයින් බවට පත්කරන වෛරසයක් වැරදීමකින් ලොවපුරා පැතිරී යාමෙන් සිදුවන ව්‍යසනයක් පිලිබඳව.
රෙසිඩන්ට් ඊවිල් රීබූට් එක කොයි විධියද කියන එක තවම පැහැදිලි නෑ. ඒවගේම ඇලිස්ගේ චරිතයට පණපොවන මිලා ජොවොවික් මේ චිත්‍රපටමාලාවේ රඟපායිද කියන එකත් පැහැදිලි නෑ..
__________________________________________________________________________
