ලෝකයේ බලසම්පන්නම සනයිපර් රයිෆලය ලෙස සැලකෙන CheyTac M200 රයිෆලය මේ වනවිට ඇමරිකන් නේවි සීල්, බ්‍රිතාන්‍ය SAS හා වෙනත් යුරෝපා හා ඇමරිකන් විශේෂ බළකා අතට පත්ව තිබෙනවා. ඉරාකයේ මෝසුල් නගරයෙන් ISIS ත්‍රස්තයින් එලවා දැමීමේ මෙහෙයුම් සිදුවන මේ දිනවල එහි දරුණු සටන් ඇවිලෙනවා.
මෝසුල් නගරයේ බොහෝ සටන් සිදුවන්නේ රොකට් ලෝන්චර්, කාළතුවක්කු, සන්නද්ධ යුධ රථ හා අධිබල මැෂින් තුවක්කු අතරයි. මේ දරුණු සටන් ඇවිලෙන අතරේ ISIS ඉලක්කයට වෙඩි තබන ස්නයිපර් වෙඩික්කරුවන් හා එම වෙඩික්කරුවන් මරාදමන්නට වෙහෙසෙන ඇමරිකන් හා බ්‍රිතාන්‍ය විශේෂ බළකා ස්නයිපර් වෙඩික්කරුවන් අතර නොනවතින අරගලයක් ඇරඹී තිබෙනවා.
ISIS වෙඩික්කරුවන්ගේ ප්‍රියතම ස්නයිපර් රයිෆලය වන්නේ රුසියාවේ නිෂ්පාදිත ඩ්‍රැගුනොෆ් ස්නයිපර් තුවක්කුවයි. මීටර් 800ක් ඈත ඉලක්කයකට වෙඩි තැබිය හැකි ඩ්‍රැගුනොෆ් තුවක්කුව ඉතාමත් නිවැරදිව ඉලක්කය ගත හැකි අවියක් ලෙස ප්‍රසිද්ධයි. ඩ්‍රැගුනොෆ් තුවක්කු අතැති අයිසීස් වෙඩික්කරුවන් හා ස්නයිපර් යුද්ධයකට පිවිස සිටින ඇමරිකන් හා බ්‍රිතාන්‍ය විශේෂ බළකා ස්නයිපර් වෙඩික්කරුවන්ට දැන් අලුත්ම අවියක් ලැබිලා. ඒ කිලෝමීටර් 3ක් ඈතට ඉතා නිවැරදිව වෙඩි තැබිය හැකි, ලෝකයේ බලසම්පන්නම ස්නයිපර් රයිෆලය ලෙසට වාර්තාව හිමිකරන්ගෙන සිටිනCheyTac M200 රයිෆලයයි.
බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කරන අන්දමට චේටැක් ස්නයිපර් රයිෆලයක් අතැති බ්‍රිතාන්‍ය SAS විශේෂ බළකායේ ස්නයිපර් සෙබලෙක් කිලෝමීටර් 3ක් ඈතින් ගොඩනැගිල්ලක සැඟව කල්බලමින් සිට තවත් ඉලක්කයක් ගන්නට සැරසුනු ISIS ස්නයිපර් වෙඩික්කරුවෙකු මරා දමා තිබෙනවා. මෙම ස්නයිපර් ප්‍රහාරය මෙතෙක් ඉරාක යුද්ධයේ දී ඈතටම එල්ලකල සාර්ථක ස්නයිපර් ප්‍රහාරය ලෙස සැලකෙනවා.
__________________________________________________________________________
