නවසීලන්තය මූලස්ථානය කරගත් Rocket Lab නම් පෞද්ගලික සමාගමක් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කොට තිබෙනවා. නවසීලන්තයේ උතුරු දූපතේ මහියා අර්ධද්වීපයේ රොකට් පර්යන්තයකින් ගුවන්ගත වුනු මේ රොක්ට්ටුව සාර්ථකව අභ්‍යවකාෂගත වී තිබෙනවා.
මෙය නවසීලන්තයෙන් අභ්‍යවකාශගත වූ පලමු රොකට්ටුවයි. මේ සඳහා නවසීලන්ත රජයේ උපරිම සහය ලැබෙන අතර වාණිජ රොකට් කර්මාණ්තය දියුණු කිරීමට සහයවීම සඳහා විශේෂ පනතක්ද නවසීලන්ත පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා.
රොකට් ලැබ් සමාගමේ නිර්මාතෲ පීටර් බෙක් පවසන්නේ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතා කිරීම නිසා අඩු වියදමකින්, ඉතා ඉක්මණට රොකට්ටු නිෂ්පාදනය කිරීමෙන් චන්ද්‍රිකා ආදිය උඩුගුවනට යැවීමේ වියදම් අඩුවන බවයි. ඒ අනුව, කුඩා සමාගම් හා දියුණුවන රටවලට පවා තමන්ගේ චන්ද්‍රිකා අඩුමුදලකට කක්ෂගත කරවාගත හැකි වනවා.
රොකට් ලැබ් සමාගමේ අරමුණ නවසීලන්තය අඩුමිළ රොකට් ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයක් කිරීමටයි. නවසීලන්තයේ මහියා අර්ධද්වීපය අඩු ජනගහනයක් සිටින එමෙන්ම, වාණිජ නෞකා හා ගුවන් මාර්ග වැටී නොමැති පෙදෙසක්. සාමාන්‍යයෙන් රොකට් යානයක් ගුවන්ගත කරනවිට ඒ ආසන්නයෙන් ගමන් කරන සියලුම ගුවන්යානා හා මුහුදුයාත්‍රා වල ගමන් මාර්ග වෙනස් කරනවා. මෙය ඉතා වියදම් සහිත, අවසර ගැනීමට සෑහෙන කාලයක් යන කටයුත්තක්. නවසීලන්තයේ මහියා අර්ධද්වීපය එවැනි මුහුදු හෝ ගුවන් මාර්ග නොමැති ඇන්ටාක්ටිකාව දක්වාම හිස් සාගරයකින් යුතු නිසා රොක්ට් ගුවන් ගත කිරීමේදී බාධා ඉතා අඩුයි.
__________________________________________________________________________

a