ෆැන්ටම් එක්ස්ප්‍රස් : ඒ තමයි ඇමරිකාවේ හැදෙන අලුත්ම ෂටල් යානයට දීලා තියෙන නම. ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේතුවට අනුබද්ධ DARPA ආයතනයේ ව්‍යාපෘතියකට අනුව බෝයිං සමාගම නිර්මාණය කරන මේ ෂටල් යානයේ නිළ හැඳින්වීම XS-1 ව්‍යාපෘතිය ලෙසයි.
ටොන් 1.3ක බරක් රැගෙන, ඕනෑම මොහොතක ගුවන්ගත කල හැකි ලෙස මෙය නිර්මාණය වනවා. දැන් රොකට්ටුවක් හෝ ෂටල් යානයක් ගුවන් ගත කරනවිට මාස ගණනාවක් හෝ සමහරවිට වසර කිහිපයක් සැළසුම් කරන්නට සිදුවෙනවා. ඒ නිසා හදිසි ප්‍රහාරයකින් අමෙරිකාවේ චන්ද්‍රිකා පද්ධතියට හානි සිදුවුව හොත්, ඒ සඳහා ආදේශක චන්ද්‍රිකා ගුවන් ගත කරගන්නට ඇමරිකාවට නොහැකිවී ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වනවා. XS-1 ෂටල් ව්‍යාපෘතියේ අරමුණ මේ අනාරක්ෂිත භාවය නැති කරලා දිනක් හෝ දෙකක් වැනි සුළු කාලයක සැළසුමකින් පසු අභ්‍යවකාශ ගතකරන්නට පුලුවන් ෂටල් පද්ධහ්ටියක් නිර්මාණය කර ගැනීම.
2020දී පලමු පියාසැරිය සිදුවන අතර දින 10ක් තුල අභ්‍යවකාශයට පියාසරි 10ක් සාර්ථකව අවසන් කිරීමයි ඔවුන්ගේ සැළසුම. විශ්‍රාම යැවූ නාසා ෂටල් යානා වල භාවිතාකල ප්‍රධාන ෂට්ල් එන්ජිම වන Aerojet Rocketdyne AR-22 එන්ජිමක් සහිත ෆැන්ටම් යානය ගුවන්ගත වන්නේ රොකට්ටුවක් මෙන් සිරස් අතටයි.
මෙහි විශේෂත්වය වන්නේ, කක්ෂගත කරන් චන්ද්‍රිකාව ප්‍රධාන ශටලයේ නොව, ඊට අමුනා ඇති රොකට්ටුවේ ගබඩාකොට තිබීමයි. ෂටලය ගුවන්ගතවී අභ්‍යවකාශය අද්දරට පිවිසි පසු, චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව නිදහස් කරන අතර, රොකට්ටුවේ එන්ජිම දල්වාගෙන නියමිත කක්ෂය වෙත චන්ද්‍රිකාව රැගෙන යනවා. රොකට්ටුවෙන් වෙන්වූ ෂටල් යානය ගුවන් යානයක් ලෙස නැවත ගොඩ බසිනවා.
__________________________________________________________________________
Image may be NSFW.
Clik here to view.
