ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ Defense Advanced Research Projects Agency, හෙවත් DARPA යුධ තාක්ෂණ නිර්මාණ ආයතනය, යුධ පිටියේදී සෙබලුන්ට සුපිරි පෙනීමක් ලබාදෙන Tactical Augmented Reality (TAR) නම් තාක්ෂණයක් නිර්මාණය කොට තිබෙනවා.
ඔග්මෙන්ටඩ් රියලිටි තාක්ෂණයේදී සිදුවන්නේ, ඇස් කන්නාඩියක් වැනි පාරදෘෂ්‍ය තිරයක් ඇති ඇස් පළඳනාවක් මගින්, පලඳින්නා යමක් දෙස / යම් ප්‍රදේශයක් දෙස බලන විට, එම වස්තුව හෝ එම ප්‍රදේශය පිලිබඳව ප්‍රයෝජනවත් තොරතුරු එම වස්තුව හෝ ප්‍රදේශයේ ඇති වැදගත් ස්ථාන ආශ්‍රිතව දැක්වීමයි.
උදාහරණයක් ලෙස ඈතින් සිටින සතුරු යුධ රථයක් දෙස බැලූවිට එම සතුරු යුධ රථය ගමන් කරන වේගය, දිශාව හා එයට ඇති දුර, මෙන්ම එහි යුධමය හැකියාවන් පිලිබඳව තාක්ෂණික තොරතුරු පෙන්වාදෙයි.
ඩාර්පා ආයතනයේ TAR නිර්මාණය කොට තිබෙන්නේ සෙබළාගේ හෙල්මටයට සවිකල, දකුණු ඇසට නාභිගත වන කුඩා තිරයක් ආකරයටයි. ඇසට ඉතා ආසන්නයේ ඇති නිසා තිරය විශාල ලෙස පෙනෙන අතර සෙබලා බලන ඕනෑම ප්‍රදේශයක සිතියම, වැද්ගත් ගොඩනැගිලි, සතුරු බළුමුලු සිටිය හැකි තැන් එම දසුනට උඩින් ආකාරයට පෙන්වනවා.
ඩාර්පා ආයතයන පවසන ආකාරයට දැනටමත් මෙම ඔග්මෙන්ටඩ් රියැලිටි තාක්ෂණය අඩංගු හෙල්මට යම් යම් ඇමරිකන් විශේෂ බළකා මගින් යුධ බිම්වල පරීක්ෂණයට බඳුන් කරනවා. ඒවා සිදුවන්නේ මොන විදෙස් යුධ බිම්වලදැයි විස්තර කිරීම ආරක්ෂක හේතූන් මත ප්‍රතික්ශේප කොට තිබෙනවා.
__________________________________________________________________________
