මේ තියෙන්නේ මම මැයි 16 වැනිදා ලියපු බිස්නස් ස්ට්‍රැටෙජි ලිපියක්.ඒකෙන් මම උත්සහ කලේ ලංකාවේ මිනිස්සු වැඩියෙන් නිවාඩු ලබන, අඩුවෙන් වැඩ කරන්න කැමති කම්මැලි පිරිසක් කියන එක බොහොම වැරදි මතයක් කියලා පෙන්වන්න.
මම ඒ ගොඩනගපු තර්කය නිවැරදියි කියලා ඔප්පුවෙන සමීක්ෂණයක් පිලිබඳ වාර්තාවක් ජපානය මූලස්ථානය කරගෙන පලවන ආසියාවේ වැඩිම ගෞරවයක් හිමිකරගෙන තියෙන Nikkei Asian Review සඟරාවේ වෙබ් අඩවියේ පලකරලා තියෙනවා.
ආසියා හා ඕෂනියා රටවල එම්ප්ලෝයී එන්ගේජ්මන්ට් හෙවත් රැකියාවට සේවකයෙකුගේ ඇති කැපවීම පෙන්වන මානයකින් ලංකාව ඉහලම ලකුණු අරගෙන. පහලින් තියෙන්නේ එම වාර්තාවේ සාරාංෂය පෙන්වන ග්‍රැෆික් සටහන.
බලන්න ලංකාවේ සේවක කැපවීම මොනතරම් ඉහලද කියලා. අපි කිව්වට විශ්වාස නොකලානම් අඩුම ගානේ දැන්වත් විශ්වාස කරන්න.
ලංකාවේ අපි කම්මැලි ජාතියක් නෙවෙයි. අපි මහන්සිවෙලා වැඩ කරන, ඒත් ශ්‍රමය සූරාකෑමට බඳුන්වූ (එනම් බහුතරයක් මහන්සියට සරිලන වැටුප් නොලබන) ජාතියක්.
ගෙවන මුදලට සරිලන වැටුප් නොළබන නිසා අපේ ජීවන තත්වය පහලයි. මිළදී ගැනීමේ හැකියාව අඩුයි.
ගෙයක් හදන්න, වාහනයක් ගන්න මිනිස්සුන්ට දහ අතේ ණය වෙන්න වෙලා තියෙන්නේ ඒකයි.
ආණ්ඩුවලට සැලැස්මක් නැති නිසා වගේම, තියෙන සැලසුමවත් ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදෙන කාළකණ්නි දේශපාලකයින් හා ඔවුන් මෙහෙයවන වෘත්තීය සමිති කිහිපයක් නිසා වැඩට යන්නත් පැයක් දෙකක් පව් ගෙවන්න වෙලා තියෙන ජාතියක් අපි.
එක එක දේශපාලකයින් පුම්බන්නේ නැතුව අපි මේ පවෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා කල්පනා කරමු!
__________________________________________________________________________
