මේ යෝධ ගුවන් යානයේ නම Scaled Composites Stratolaunch. නිර්මාණය කරලා තියෙන්නේ ස්කේල්ඩ් කොම්පොසයිට්ස් කියන පෞද්ගලික සමාගමක්. මේක නිර්මාණය කරන්න බරපැන දරන්නේ බිල් ගේට්ස් එක්ක මයික්‍රොසොෆ්ට් සමාගම පටන්ගත්ත, මයික්‍රොසොෆ්ට් සම-ප්‍රාරම්භක (co-founder) පෝල් ඇලන්. මොහු බිලියනපතියෙක්. ඔහුගේ වල්කන් ස්පේස් කියන සමාගම වෙනුවෙන් තමයි මේ රොකට් එකක් අරගෙන ස්ථරගෝලයට (stratosphere) පියාසර කරන්න පුලුවන් යෝධ යානය නිර්මාණය වුනේ.
Orbital ATK සමාගම නිර්මාණය කරන, කිලෝග්‍රෑම් 450ක් පමණ බර චන්ද්‍රිකාවක් ගුවන්ගත කල හැකි Pegasus XL rocket රොකට්ටුවක් අරගෙන ස්ථරගෝලයට පියාසර කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ස්ථරගෝලයේදී රොකට්ටුව නිදහස් කරහම, ඒක එන්ජිම දල්වාගෙන අභ්‍යවකාශයට ගිහිල්ලා චන්ද්‍රිකාව කක්ෂගත කරනවා.
![]() |
ස්ට්‍රැටෝලෝන්ච් යානයෙන් රොකට්ටුව ගෙනගොස් නිදහස් කරන ආකාරය |
දිගින් මීටර් 72ක් වන අතර පියාපත් අතර දිග මීටර් 117ක් වනවා. රෝද 28ක් ඇති මෙම යානය ගුවන්ගත කිරීමට කිලෝමීටර් 3.6ක් දිග ධාවන පථයක් ඕනෑ වෙනවා.
එන්ජින් 6කින් බලගැන්වෙන, ටොන් 200ක් බර රොකට් එකක් රැගෙන, අහසේ කිලෝමීටර් 10 ඉතා ඉහලට පියාසරකල හැකි මේ දැවැන්ත යානයේ පලමු පියාසැරිය ඉතා ඉක්මණින් සිදුවනු ඇති.
__________________________________________________________________________
