යටගිය දවස එක් කලෙක එක්තරා විප්ලවීය පක්ෂයක් එක්තරා සභාවක් චන්ද බලයෙන් දිනාගත්තේය. එය ප්‍රාදේශීය සභාවක්ද, නගර සභාවක්ද යන්න මතක නැති නමුත් ඔවුන් එයට "අධිෂ්ඨානයේ පුරවරය"ලෙස නම් තැබූ බව යාන්තමට මතකය. මෙය පිලිබඳ අමතක දෑ ගොඩක් ඇතිවුවද අමතක නොවන එක් දෙයක් වන්නේ ඒ කාලයේ එම විප්ලවීය පක්ෂයේ ජයග්රහණයෙන් උද්දාමයට පත් මගේ හිතවතෙකු වූ එම පක්ෂයේ පාක්ෂිකයෙක් කී දෙයක්ය.
"ඔන්න බලපන් මචන් දැන් අපි දිනපු ****සභාවේ වැඩ නියමට යනවා. හැමෝම බැහැලා වැඩ. කොටින්ම මචන් කුණු ට්‍රැක්ටරේ එලවන්නේ සභාවේ සභාපති.....හිතපන් කොච්චර බිම් මට්ටමට බැහැලද අපේ උන් වැඩකරන්නේ කියලා... "
ඒ මොහොතේ මට ඇතිවූ සිනහව පාලනය කරගත්තේ කොහොමද කියලා මතක නැතත් තවමත් එය මතක්වන විට සිනහ යයි.
ප්‍රාදේශීය/පලාත්/නගර සභා සභාපතිලා ඉන්නේ කුණු ට්‍රැක්ටර් එලවන්නද නැතිනම් කුණු ට්‍රැක්ටර් එළවිය යුතු, එහෙත් එසේ නොකරමින් සභාවෙන් පඩි ගන්නා ගමන් ත්‍රීවීලර් එලවීම, බස් එලවීම හා පෞද්ගලික රියදුරන් ලෙස අමතර රැකියා කරන පල් හොරුන්ගෙන් වැඩට ගෙන්නාගෙන වැඩ ගැනීමටද යන්න සිතා බලන්න. සභාපති ට්‍රැක්ටරේ නැගී කුණු අදිනවිට සභාවේ දහසකුත් එකක් පරිපාලන කටයුතු මෙහෙයවන්නේ, තීන්දු තීරණ ගන්නේ කවුද?
විප්ලවීය පක්ෂය ඊලඟ චන්දෙදී සභාව නැතිකරගත්තේ සභාපති ට්‍රැක්ටරේ හරියට එලෙව්වේ නැති නිසාද නැතිනම් ට්‍රැක්ටර් පැද පැද ඉඳලා අනෙක් වැඩ අතපසුවෙලා මිනිස්සුන්ට එපා වෙලාද කියන එක නම් දන්නේ ඒ පක්ෂේ අයමය.
ජනාධිපති, අගමැති, ඇමතිලා වතුරේ අමුඩ ගහගෙන මිනිස්සු කරතියාගෙන යනවා පේන්නේ නැත්තේ ඇයි?
බුකියේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි මෙය. රටකට ස්භාවික ව්‍යසනයක් වූවිට රටේ පාලකයින් එවැනි ස්ථාන බැලීමට සංචාරයක් යාම, දුකට පත්වූවන්ගේ දුක බෙදාගැනීම සිරිතකි.
එහෙත් ඒත් හැමදෑම ගංවතුරේ බැහැගෙන නටනවාට වඩා ඒ මිනිස්සුන්ට වැඩ නැද්ද? හමුදාව මෙහෙයවීම, සම්පත් බෙදා හැරීම, රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීම සිදුකරන්නේ කවුද? දිස්ත්‍රික්කවල වඩ කටයුතු සම්බන්ධීරකරණය කරන්නේ මුදල් සම්මත කරන්නේ, මුදල් වියදම් කරන්න චෙක්පත් අත්සන් කරන්නේ කවුද?
රටේ නායකයින් හා ඇමති මණ්ඩලය ඉන්නේ ඒවාට මිස, මඩේ බැහැගෙන බැරි වැඩ කරන්න නොවේ. ඔවුන් සිටින්නේ වැඩ කල හැකි, කලයුතු මිනිසුන්ගෙන් වැඩ ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයිමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමටයි.
සභාපතිලා කුණු ට්‍රැක්ටර් එලවිය යුතු නැතුවා මෙන්ම රටක නායකයෝ ඉන්නේ ගෙවල් හෝදන්න, අනාත මිනිස්සුන්ට කන්න උයන්න, ගෙවල් හෝදලා දෙන්න නොවේ. ඒවා කරන්නට සූදානම් මිනිස්සුන්ට දිය යුතු පහසුකම් ලබාදීමටයි
ඒ නිසා කෝ සිරිසේන, කෝ රනිලා, කෝ අහවල් ඇමතියා කියමින් පෝස්ට් හදමින් කාලේ කන්නේ නැතුව, ආපදා ඇති තැන්වලට ගිහිල්ලා පුලුවන් උදව්වක් කරන්න, නැතිනම් ආධාර ටිකක් එකතු කරන්න.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________