ලෝකයේ දුප්පත් රටවල කුඩා දරුවන් රාශියකට සමබර පෝෂණයක් ලැබෙන්නේ නෑ. ප්‍රෝටීන්, විටමින් හා ඛණිජ හිඟ ආහාර ගැනීම නිසා උසින් අඩු වීම (stunted growth), මන්දපෝෂණය වගේම වෙනත් ඌණතා රෝගත් බහුලයි. දුප්පත් රටවල දරුවන්ගේ පෝෂණ තත්වය ඉහල දාන්න පුලුවන් අඩුමිළ ආහාර ගැන පර්යේෂණ කරන විද්‍යාඥයින්ගේ අවධානය යොමුවෙලා තියෙනවා. දරුවන්ට විටමින් හා ඛණිජ ළවණ අඩංගු පෙති ලබාදීම, පාසැල් වලදී ප්‍රෝටීන බහුල ආහාර ලබාදීම වගේ ව්‍යාපෘති ලොව පුරා ක්‍රියාත්මක වුනත්, ඒවා එතරම් සාර්ථක නොවන්නේ වියදම් අධිකවීම නිසයි.
මේ නිසා නිවසේදී දරුවන්ට අඩුමිල, රසවත් ආහාරයක් පිලිබඳව පර්යේෂණ කරන විද්‍යාඥයින් කුකුල් බිත්තර වෙත යොමුවී තිබෙනවා. කුකුළ් බිත්තර යනු protein, vitamin B12, riboflavin, choline හා අත්‍යාවශ්‍ය විටමින් හා ඛණිජ ළවණ රාශියක් ඇති ස්වභාවික ආහාරයක්. රසවත් ලෙස පිස ගත හැකි නිසා දරුවන් අප්‍රිය නොකර ආහාරයට ගන්නට වැඩි විභවයක් තියෙනවා. ළදරුවෙකුට බිත්තරයක් කෑමෙන් අවශ්‍ය පෝෂ්‍යධාතුවලින් 50%ක් පමණ ලැබෙනවා.
ඇමරිකානු විද්‍යාඥයින් සිදුකල පර්යේෂණයකදී බිත්තර නිතර ආහාරයට ගත් දරුවන් වයසට ගැලපෙන ලෙස උසින් හා බරින් වැඩෙන බව සොයාගෙන තිබෙනවා.
__________________________________________________________________________
