ඩුබායි මූලස්ථානය කරගත් සමාගමක් ඇන්ටාක්ටිකාවෙන් අයිස් කන්දක් ඇදගෙන විත් එයින් කාන්තාරක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජල අවශ්‍යතා සපුරාගන්නට සැරසෙනවා. ඩුබායි මූලස්ථානය කරගත් සමාගමක් ඇන්ටාක්ටිකාවෙන් අයිස් කන්දක් ඇදගෙන විත් එයින් කාන්තාරක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජල අවශ්‍යතා සපුරාගන්නට සැරසෙනවා.
සාමාන්‍ය අයිස් කන්දක ලීටර් බිලියන 90ක ජලධාරිතාවක් ඇති අතර ටොන් මිලියන 3.5ක් පමණ බරවනවා. මෙය ඇදගෙන යාම සඳහා විශාල ටග් යාත්‍රා අවශ්‍යවනවා. මෙම යාත්‍රාවලට, මෙවැනි අයිස් කන්දක් ඇදගෙන ඩුබායි වෙත යාමට දින 283ක් ගතවන බව සමාගම සිදුකල පරිගණක විශ්ලේෂණ වලදී පෙනීගොස් තිබෙනවා. මෙම කාලය තුල අයිස් කන්දෙන් 30% දියවී යන බවද පෙනීගොස් තිබෙනවා.
ලබන වසරේදී (2018) මෙම අයිස් කන්ද ඇදගෙන යාමේ ව්‍යාපෘතිය අරඹන බව සමාගම පවසනවා.
__________________________________________________________________________
