පැන්සල් තුඩ නිෂ්පාදනය කරන්නේ ග්‍රැෆයිට් හෙවත් මිනිරන් වලිනි. මිනිරන් මුලින්ම සොයා ගැනුනේ එන්ගලන්තයේ කෙස්වික් ප්‍රදේශයෙනි. ඒ 16 වැනි ශතවර්ෂයේදීය.
ග්‍රැෆයිට් වලට ඒ නම තැබුවේ 18වැනි ශතවර්ෂයේ විසූ රසායණවිද්‍යාඥයෙකු වූ ජර්මන් ජාතික ඒ.ජී වර්නර් විසිනි. ග්‍රීක භාෂාවේ ලිවීම යන්නට භාවිතා කරන ග්‍රැෆෙයින් යන වචනයේ බිඳුමක් ඔහු ලියන්නට ගත හැකි මේ ඛණිජය නම් කිරීමට යොදාගත්තේය.
පැන්සලට ඒ නම ලැබුනේ ලතින් බසේ පෙන්සිලිකස් යන වචනයෙනි.
අද දකින ආකාරයේ පැන්සල පිලිබඳව පලමු විස්තරය 1565දී ස්විස් ජාතික කොන්රැඩ් ගෙස්නර් විසින් ලියන ලද්දකි
සාමාන්‍ය පැන්සලක ඇති ග්‍රැෆයිට් කූරෙන් සැතපුම් 35ක් දිග ඉරක් හෝ වචන 45,000ක් ලිවිය හැකිය.
නිතරම කැඩෙන පිරිසිදු මිනිරන් කූර වෙනුවට, හොඳින් ලියවෙන, එහෙත් ශක්තිමත් මිනිරන්-මැටි මිශ්‍රණ පැන්සල් කූරක් නිෂ්පාදනය කලේ 1795දී ප්‍රංශ ජාතික නිකොලස් ජැක්වෙස් කොන්ටෙ විසිනි.
ප්‍රංශ ජාතික බර්නාඩ් ලැසිමෝන් පලමු පැන්සල් උල්කරණය (පෙන්සිල් කටර්) නිර්මාණය කලේය. ඒ 1828දිය.
පැන්සල් ඉරි මැකීමට ගස් මැලියම් වර්ගයක් වූ caoutchouc භාවිතා කරන්නට පටන් ගත්තේත් ප්‍රංශ පැන්සල් විශේෂඥයින්ය. අද අපි රබර් කියන්නේ එදා caoutchouc ලෙස නම්කල ගස් මැලියම් වර්ගයටයි.
ලෝකයේ පලමු මහා පරිමාණ පැන්සල් කර්මාණ්තශාලාව 1861දී නිව්යෝර්ක් නුවරදී පිහිටුවන ලදී. එබර්හාඩ් ෆේබර් නම් ජර්මන් ජාතිකයා විසිනි. 1922දී ඔහු ජර්මනියේත් පැන්සල් නිෂ්පාදනය ඇරඹි අතර අද ලෝක ප්‍රකට ස්ටෙඩ්ට්ලර් (Staedtler) පැන්සල් සමාගම ඔහුගේ ජර්මන් සමාගමයි. ෆේබර්ගේ ඇමරිකන් සමාගම පසු කලක පුප්‍රකට Faber Castell පැන්සල් සමාගම බවට පත්විය.
අද වනවිට ලෝකයේ වාර්ෂික පැන්සල් නිෂ්පාදනය පැන්සල් බිලියන 40ක් පමණය. මෙයින් වැඩිම ප්‍රමාණයක් නිෂ්පාදනය වන්නේ චීනයේ කර්මාණ්තශාලා වලයි.
__________________________________________________________________________
